පාර්ලිමේන්තුවේදී ඉකුත් දා ඇති වූ ගැටුම,පක්ෂයේ නායකත්වයට පහරදුන් බවට මාධ්‍ය ඉදිරියේ කල ප්‍රකාශ මෙන්ම එජාප අමාත්‍යවරුන් හට විවිධ් අසත්‍ය චොදන එල්ල කිරිමට වඩා මෙම ඉවත් කිරිමට ප්‍රධාන වශයෙන් හේතුව වි ඇත්තේ අගමැතිවරයාගේ කිසිදු නිර්දේශයක් නොමැතිව තෙවරප්පෙරුමට නී.ඇමතිකමක් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තනිමතයට ක්‍රියාකිරිම බවයි අප වාර්තාකරු අනාවාර්ණය කළේ.
-උපුටා ගැන්ම අප්‍රියෙල් 9 වැනිදා –
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වයන් අපකිර්තියට පත් කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර එති බවත් එය මේ වනවිට මතුපිටට පැමිණ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
පසුගියදා කලුතර විද්‍යාලයේ විදුහල්පතිවරයා හමුවිමට ගිය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම
මගෙන් ගුටිකාපු නැති එකෙක් නෑ. අගමැතිතුමත් ගුටිකෑවා මගෙන්. මම ඒක ලොකු කමකට කියනවා නෙමෙයි. ඒ ඉවසන්නම බැරි වුණා.” යනුවෙන් අගමැතිවරයාව පහත් කරමින් නී.අමාත්‍යවයා ප්‍රකාශයක්ද කළා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයෙකු වශයෙන් මෑත කාලයේ පාලිත තෙවරප්පෙරුම මහතා ක්‍රියාකළ ආකාරය පිළිබඳව සම්පූර්ණයෙන්ම විමසා බලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් මෙම කමිටුව විසින් භාරදීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ක්‍රියා කලාපය පරීක්ෂා කිරීමේදී මානුෂිකමය කරුණු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර වාර්තාව සකසන ලෙස අදාළ කමිටුවට පක්ෂය විසින් විශේෂ දැනුම් දීමක් කිරීමට නියමිතව ඇතැයිද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන අතර එම කමිටුවේ සමාජිකයන් අතර පසුගියදා පාලිතගේ වාග් ප්‍රහාරයට ලක්වු විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ද ඇතුලත් බවයි ප වාර්තාකරු සදහන් කළේ.

No comments:
Post a Comment