බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව විකට් පොල්ලකින් පහරදී මරා දමලා. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව විකට් පොල්ලකින් පහරදී මරා දමලා.

බංග්ලාදේශයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු විකට් පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි. විනිසුරු ලබාදුන් නිපන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මෙයට හේතුවී ඇතැයි කියති.

ඩකා නුවරදී අසල්වැසි මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි බාබුල් ශික්දර් (16) කඩුළු රකින්නා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර පිතිකරු දැවී ගියේය. විනිසුරු එය නිපන්දුවක් ලෙස සංඥා කර ඇත. නමුත් ශික්දර් කියා ඇත්තේ විනිසුරු පිතිකරුට පක්ෂපාත ලෙස ක්‍රියා කරන බවයි. පිතිකරුට වාසි සහගත ලෙස ඔහු දැවී ගිය පන්දුව නිපන්දුවක් බව කියමින් ශික්දර් කියා ඇත්තේ මීට පෙර පන්දුවේදීද ඔහු එසේ කළ බවයි.


එයින් කෝපයට පත් පිතිකරු විකට් පොල්ලක් ගලවාගෙන ශික්දර්ගේ හිසේ පිටුපසට පහරදී ඇතැයි ඩකා පොලිස් ප්‍රධානී බුහියාන් මහබූබ් හසන් පවසයි. පහර කෑ ශික්දර් පිටිය මත ඇද වැටී ඇති අතර රෝහලට රැගෙන යන අතරතුර ඔහු මිය ගිය බව හසන් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත.
ශික්දර්ට පහර දුන් පිතිකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad