' නවකවද සිද්ධීන්වල වගකීම පරිපාලනය භාරගත යුතුයි ' - කිරිඇල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

' නවකවද සිද්ධීන්වල වගකීම පරිපාලනය භාරගත යුතුයි ' - කිරිඇල්ල

' නවකවද සිද්ධීන්වල වගකීම පරිපාලනය භාරගත යුතුයි ' - කිරිඇල්ල
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන්වල වගකීම එහි පාලන අධිකාරිය විසින් භාරගත යුතු බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ කැළණිය විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යාවකට සිදුව ඇති බව කියන නවකවද සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය. 

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 03 දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ නවක වදයට ලක්වූ සිසුවිය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

නවක වදයට ලක්වූ සිසුවියට පැමිණිල්ලක් කරන ලෙස පොලීසියට යොමුකළේ විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ උපදෙස් අනුව බව කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (08) විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාරයවරයා කියාසිටියේ නවක වදය නවත්වන ලෙස දිගින් දිගටම මහා ශිෂ්‍ය සංගමයෙන් කළ ඉල්ලීම් නොතකා හැරීම මත එවැනි තීරණයකට එළැඹි බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන්කළේ විශ්වවිද්‍යාලවල සිදුවන සියලුම සිද්ධීන්වල වගකීම එහි උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය විසින් භාරගත යුතු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad