වැස්ස ඉවර නෑ - කාළගුණ අනාවැකිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

වැස්ස ඉවර නෑ - කාළගුණ අනාවැකිය මෙන්න

Image source - Facebook
දිවයිනේ ප්‍රදේශ රැසකටම අදත් (16) අධික වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැති වීම මෙයට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු, වයඹ, නිරිත දිග හා නැගෙනහිර පළාත්වලට විශේෂයෙන්ම මිලි මීටර් 150ට වඩා වැසි ඇදහැලිය හැකි බවත් ගත වූ පැය 24 තුළ දිවයිනට වැඩිම වර්ෂාව පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අද දින මඩකලපුව හරහා ඉන්දියාව කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුන් පවසයි.

මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධීක වර්ෂාව නොකඩවා ඇදහැළෙමින් පවතියි.

No comments:

Post a Comment

Post Bottom Ad