ජනතා විමුක්‌ති පෙරමුණ තුළ යළිත් වරක් නායකත්වය සම්බන්ධයන් අර්බුදයක් හටගෙන තිබේ.
එම පක්‌ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේ පිරිසකගේ විරෝධය පළවී තිබේ.
අනුර කුමාර දිසානායක මහතාට එරෙහි කණ්‌ඩායම ඔහුට එරෙහිව චෝදනා කීපයක්‌ද එල්ලකර ඇති අතර පක්‌ෂ නායකත්වය වහාම වෙනස් විය යුතු බව එම පිරිසේ මතය වී තිබේ. මේ අතර නව නායකත්වය සඳහා වෘත්තීය සමිති නායකයකු වන ලාල් කාන්ත මහතාගේ නමත් පක්‌ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතාගේ නමත් යෝජනාවී තිබේ.
ජනතා විමුක්‌ති පෙරමුණේ අභ්‍යන්තර තොරතුරු අනුව පසුගිය කාලයේ අනුර කුමාර දිසානායක මහතා හදිසියේ අයර්ලන්තයේ සංචාරයක නිරත වී ඇත්තේද මෙම අර්බුදය විසඳාගන්නට පක්‌ෂයේ සෙසු පිරිසට අවස්‌ථාව ලබා දෙමිනි.
මැයි දිනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අනුර කුමාර දිසානායක මහතා පක්‌ෂයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු හා තවත් තිදෙනකු සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක රාත්‍රී භෝජනයකදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලයේ ස්‌ථාවරය යම් යම් පාර්ශවවලට වරින් වර දෝලනය වෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි.
(දිවයින)

No comments:
Post a Comment