ලඟදීම කැබිනට් සංශෝධනයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

ලඟදීම කැබිනට් සංශෝධනයක්!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජී - 7 සමුළුව සඳහා ජපානයට ගොස් යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම අනිවාර්ය බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඊට සමගාමීව පළාත් සභාවල අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්ද සිදු කිරීම නියමිතය. ජී - 7 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන මැයි 11 වැනිදා මෙරටින් පිටව යන අතර මැයි 15 වැනිදා ඔහු යළි මෙරටට පැමිණීමට නියමිත අතර මැයි 21 වැනිදායින් පසු මේ සියලු සංශෝධන සිදු කරනු ඇත.

ඊට අමතරව රජයේ ඉහළ තනතුරුවලටද අලුතින් පත් කිරීම් සිදුකිරීමට නියමිත අතර විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වෙනසක්ද සිදුවනු ඇතැයි වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad