මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පවසනවා.
මේ වන විට ටොයෝටා ඇක්වා රථයක් ලක්ෂ 48 ක්, ප්‍රියස් රථය ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් ලක්ෂ 49-50, වෙසල් ලක්ෂ 70 ක් සහ Suzuki Stingray රථයක් ලක්ෂ 35 ක් දක්වා ඉහළ නැග තිබෙන බව කෝකිල මහතා වැඩිදුරටත් පවසනවා. මේ තත්ත්වය මත පසුගිය මාස කිහිපය තුළ වාහන අලෙවියේ විශාල කඩාවැටීමක් සිදුව තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ඇමරිකන් ඩොලර්, ජපන් යෙන් වැනි විදේශ විනිමයන්ට එරෙහිව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ වැටීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනයේ දී ඒවා රේගුවේ දී තක්සේරු කිරීමේ දී ඉහළ මිලක් නියම කිරීම හේතුවෙන් ගෙවිය යුතු තීරුබදු වටිනාකම වැඩි වී තිබීම ද වාහන මිල මෙලෙස ඉහළ යාමට දැඩිව බලපා ඇති බවයි.
පවතින තත්ත්වය පිළිබඳ පසුගිය දා මුදල් අමාත්‍යවරයා හා වාහන ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පැවතිය ද එය ප්‍රතිඵල රහිත එකක් වූ බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපතිවරයා කියා සිටිනවා. කෙසේ වෙතත් ආනයනික වාහන සඳහා වැට් බදු අයකිරීමක් සිදුනොකරන බව ද ඔහු පැවසුවා.
ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අධික බද්දක් අය කිරීමට පටන් ගැනීම හේතුවෙන් මේ වන විට එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී තිබෙන බව පැවසූ ඔහු කියා සිටියේ නව බදු ක්‍රමය යටතේ නිසාන් ලීෆ් රියක මිල ලක්ෂ 50 ක් පමණ වන බවයි. මෙම තත්ත්වය මත මේ වන තෙක් මුදා නොගත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ විශාල ප්‍රමාණයක් තවමත් රේගු භාරයේ පවතින බව ද ඔහු සඳහන් කරනවා.
Thursday, May 5, 2016
ඇක්වා ලක්ෂ 48, ප්‍රියස් ලක් 59, වෙස්ල් ලක්ෂ 70 යි.. මෙන්න වැඩිවුණු වාහන මිල
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment