ඊයේ රාත‍්‍රී 8.35ට පමණ මුම්බායි සිට කටුනායකට පැමිණි ජෙට් එයාර් වේස් ගුවන් සේවයට අයත් යානයක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.
එමෙන්ම අලුයම 12.45ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයක් ද කොචින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ. ඩුබායි හි සිට අද (16) අලුයම පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයක් අධික වැසි තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
No comments:
Post a Comment