කුලී ගොඩනැගිල්ල ගැන ඇමති දුමින්ද කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

කුලී ගොඩනැගිල්ල ගැන ඇමති දුමින්ද කතා කරයි (VIDEO)

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලී පදනම යටතේ නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමට සිදුවූයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් ලබාදීමට සිදුවීම හේතුවෙන් බවත් ඒ වෙනුවෙන් තෝරාගත් නව ගොඩනැගිල්ලට යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ය. 

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ අමාත්‍යාංශය දැනට පිහිටා ඇති ස්ථානයට ආසන්නයෙන්ම ඇති අමාත්‍යාංශයට සුදුසු එකම ගොඩනැගිල්ලවන්නේ දැනට තෝරාගෙන ඇති ගොඩනැගිල්ල බව කී ඇමැතිවරයා එය තෝරා ගත්තේ අග‍්‍රාමාත්‍ය ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ තක්සේරුකරු යන නිලධාරීන් සිව් දෙනාම එකට එක් වී බව ද ප‍්‍රකාශ කළේ ය.

ගොඩනැගිල්ලේ හිමිකරුවන් විසින් පැවසූ කුලී මුදල් හා වෙනත් කොන්දේසි ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය. එයට ආර්ථික කමිටුවෙන් ද අනුමැතිය හිමි වූ බව ඇමති දුමින්ද දිසානායක මහතා පැවසී ය.

දැනට අමාත්‍යාංශය ඇති ගොඩනැගිල්ල වර්ග අඩි 56,000 ක එකක් බව කී දුමින්ද දිසානායක මහතා නව ගොඩනැගිල්ල වර්ග අඩි 90,000ක එකක්වන අතර දැනට අමාත්‍යාංශයෙන් පිටත ඇති අමාත්‍යාංශ අනුබද්ධ ආයතන සියල්ල එම ගොඩනැගිල්ලට ගෙන ඒමට බලාපොරොත්තුවන බව ද පැවසී ය.

එම වීඩියෝව පහතින්, 


No comments:

Post a Comment

Post Bottom Ad