සැත්කමක් කරන ගමන් වෛද්‍යවරයා කාන්තාවකට කරපු කැත වැඩේ හිසේ තිබ්බ කැමරාවේ සටහන් වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

සැත්කමක් කරන ගමන් වෛද්‍යවරයා කාන්තාවකට කරපු කැත වැඩේ හිසේ තිබ්බ කැමරාවේ සටහන් වෙලා

රෝහල්වලදී කරන සැත්කම් නිසා මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවපු අවස්ථා ඕනි තරම් අපට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම සමහර වෛද්‍යවරු රෝහල් ගතකරලා ඉන්න ලෙඩ්ඩුන්ට සලකන්නේ හරිම පහත් විදියට. 

නමුත් ඒ දේවල් ගැන කවුරුත් හොයන්නේ බලන්නේ නැත්තේ ඔය විදියට කරන කරදර හිරිහැර ගැන ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා. මේ කතාවේ අපි කියන්නේ ඒ විදියට හර්නියා රෝගයට සැත්කමක් කරන්න ගියපු කාන්තාවකට වෛද්‍යවරු කියපු නොහොබිනා කතා ගැන. ඒ දේවල් එළියට ආවේ ඇයගේ හිසකෙස් තුළ හංගලා තිබ්බ පුංචි කැමරාවකින්.

කැමරාවක් කොහොමද කොණ්ඩෙට ආවේ කියලා ඔබ දැන් කල්පනා කරනවා ඇති. ඇත්තටම මේ වැඩේ ප්ලෑන් කරලා කරපු දෙයක්. මේ කාන්තාව තමන්ගේ රෝගෙට බෙහෙත් ගන්න ගියාම කියපු කතා වගේම ඔහුගේ චරිතේ ගැන දැනගත්ත සමහර කරුණු නිසා හර්නියා ලෙඩේටත් ප්‍රතිකාර කරන සැත්කමේදී තමන්ගේ ඔහුගෙන් කරදරයක් වෙයි කියලා තමයි මේ විදයට ඇය කැමරාවක් හයිකරන් ගිහින් තියෙන්නේ.

ඒකේ සටහන් වෙලා තියෙන සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බැරි තරම් අප්‍රසන්නයි. ඒත් ඇය කියපු සමහර දේවල් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ මේ විදයට. මේ වෛද්‍යවරයා ඇයගේ ඇඟේ එක එක තැන්වලින් අල්ලලා වගේම ශරීරයේ අවයව ගැන කැත කතා ගොඩක් කියලා තියෙනවා, එ වගේම කාන්තාවගේ බුරිය අනිත් අයටත් පෙන්නලා මෙයා විහිළු කරලා තියෙනවා.

මේ කරපු දේවල් හැම එකක්ම දැන් ලෝකේ පුරා මාධ්‍යජාලයන් වල ප්‍රසිද්ධ වෙලා. ඒ නිසා මේ වෛද්‍යවරයාට සිද්ධිය ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කටයුතු කරමින් ඉන්නවා කියලා ආරංචි.


No comments:

Post a Comment

Post Bottom Ad