අස්ගිරි පාර්ශවයේ 22 වන මහා නාහිමියන් පත් කර ගැනීම අස්ගිරි මහා විහාරයේ පිහිටි ඓතිහාසික උපෝසථාගාරයේ දී අද (07) සිදු කිරීමට නියමිතයි. අද පස්වරු 03.00ට මහ නාහිමියන් තෝරා පත් කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා රැස් වේ.
අස්ගිරි මහා නාහිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍යය ගලගම ශ්‍රී අත්ථදස්සී නා හිමියන් ඉකුත් මාර්තු මස 09 වැනි දා අපවත්වීම හේතුවෙන් එම තනතුර හිස් විය. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට අනුනායක ස්වාමීන් වහන්සේලා දෙනමක් පසුගිය දා තීරණය කර තිබේ.
පොළොන්නරුව - සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සහ බදුල්ල - මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ඒ අනුව මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දී ඇත.
මහනුවර - කමල් සුරවීර

No comments:
Post a Comment