අන්ධ අයටත් Facebook - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

අන්ධ අයටත් Facebook

ලොව මිලියන ගණනක් පුද්ගලයින් ෆේස්බුක් භාවිත කළ ද ෆේස්බුක් භාවිත කළ නොහැකි පිරිස විශාල ප්‍රමාණයකි. ඒ අතර දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් ප්‍රධාන වේ.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ලෝකයේ මිලියන 39ක පමණ පිරිසක් අන්ධ භාවයෙන් පෙළෙන අතර මිලියන 246කට අධික පිරිසක් දෘශ්‍යාබාධවලට ලක්ව සිටියි. කෙසේ වෙතත් මෙවැනි අබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ද ඉදිරියේදී ෆේස්බුක් භාවිත කිරීමට හැකි වනු ඇති බව Facebook සමාගමේ අදහසයි.

ඒ, කෘතීම බුද්ධි (Artificial Intelligence) තාක්ෂණය තුළින් ෆේස්බුක් තුළ පළ වන ඡායාරූපවල තොරතුරු අන්ධ පුද්ගලයින්ට දැන ගැනීමට හැකිවන අයුරින් ෆේස්බුක් වැඩිදියුණු කිරීම හේතුවෙනි. මෙම ක්‍රමය ඔස්සේ ෆේස්බුක් තුළ පළ වී තිබෙන සිනහසෙමින් සිටින තරුණයෙකුගේ සහ තරුණියකගේ ඡායාරූපයක් ගතහොත් එහිදී ෆේස්බුක් වෙබ් අඩවිය ස්වයංක්‍රීයව එම ඡායාරූපයේ තරුණයෙකු සහ තරුණියක සිටින බවත් ඔවුන් සිනහසෙමින් සිටින බවත් වැනි තොරතුරු පවසනු ලැබේ.

ඉන් ෆෙස්බුක් භාවිත කරන දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ට ෆේස්බුක් භාවිතා කිරීමට විශාල පිටිවහලක් ලැබේ. ෆේස්බුක් සමාගම පවසන්නේ, දිනපතා ම Facebook, Instagram, Messenger සහ WhatsApp හරහා බිලියන 2කට අධික ඡායාරූප ප්‍රමාණයක් හුවමාරු වන බැවින් සාමාන්‍ය ජනතාව ඉන් ලබන අත්දැකීම් දෘශ්‍යාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ද ලබා ගැනීමට හැකි වන අයුරින් කටයුතු කිරීම ෆේස්බුක් සමාගමේ අවශ්‍යතාව වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad