වකා යුනිස් පාකිස්තාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

වකා යුනිස් පාකිස්තාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වෙයි

පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් වකා යුනිස් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ, ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වීමට තවත් මාස 3ක් ඉතිරිව තිබියදීයි.

පාකිස්තාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් නායකත්වයෙන් ෂයිඞ් අෆ්රිඞී ද මීට පෙර ඉල්ලා අස්වුණා. මෙම ඉල්ලා අස්වීම්වලට ආසන්නම හේතුව වී ඇත්තේ ඉකුත් දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය ලැබූ පරාජයයි.
 

මාස 3ක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වීම නිසා තමන්ට හිමි පාකිස්තාන රුපියල් ලක්ෂ 60ක් පමණ තමන්ට නොලැබී යන බවද වකා යුනිස් කියා සිටියා. මෙම මුදල ක‍්‍රිකට් ක‍්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කරන්නැයි තමන් පාකිස්තාන ක‍්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad