මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කරයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කරයි !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට යුද හමුදාපතිවරයා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව යුද්ධය පැවැති සමයේ සිට මේ දක්වා සමීපයේම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයූ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ හමුදා බල ඇනිය ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිරිසට හමුදාවේ 89 දෙනෙකු ඇතුළත් බවද පැවසේ. අදාළ කණ්ඩායමට ඇතුළත්ව සිටින බහුතර නිලධාරීන් පිරිස කමන්ඩෝ භටයන් බවද වාර්තා වේ.

ෆැරැන්සිස් පාප්වහන්සේ ලංකාවට පැමිණි අවස්ථාවේද උන්වහන්සේගේ ආරක්ෂාව බාරව කටයුතු කරනු ලැබුවේ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ ආරක්ෂක බල ඇනියයි.

No comments:

Post a Comment

Post Bottom Ad