පසුගිය දිනක පානදුර දී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගිය අතර බරපතල තුවාලලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. පානදුර මණ්ඩාවල පදිංචි වී සිටි නිරෝෂණී පෙරේරා නම් ඇයගේ සිරුර භාර ගැනීමට සැමියා යැයි කියාගත් තිදෙනෙක් පැමිණි බව වාර්තා වෙනවා.
හදිසි මරණ පරීක්ෂකවරයා ඇගේ මරණය සිදුවූ අනතුර හේතුවෙන් වූවක් බව තීරණය කොට සිරුර අයිතිකරුවෙකුට භාරදෙන්නැයි නියෝග කළ අවස්ථාවේ මෙම ගැටළුකාරී සිදුවීම ඇතිවී තිබේ. කෙසේවුවත් ඇගේ නීත්‍යානුකූල පළමු සැමියාට ඇගේ දේහයේ අයිතිය භාරකරන බවත් ඇගේ මවට අවසන් කටයුතු සඳහා දේහය භාරකරන බවත් හදිසි මරණ පරීක්ෂකවරයා නියෝගකර තිබෙනවා.
මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන්කර තිබෙන්නේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයන් හා දරුවන් යැයි කියන අනෙක් පිරිසත් සාමයෙන් හා සමඟියෙන් අවමංගල්‍ය කටයුතුවලට සම්බන්ධ වියයුතු බවයි.
Tuesday, April 5, 2016
බිරිඳගේ සිරුර භාරගන්න සැමියන් 3ක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment