ලොව ප‍්‍රකට පුද්ගලයින් රැසක් සිය වත්කම් සැඟවීම සඳහා යොදාගත් රහස් ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පැනමා හි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් පළ කළ වාර්තාවකින්.
මෙමගින් අනාවරණ කෙරුණු, බදු රැකවරණ ලබමින් රහස් ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් අතර දැනට බලයේ සිටින රාජ්‍ය නායකයින් 12 දෙනෙකු ද සිටිනවා. අයිස්ලන්තයේ අගමැතිවරයා, පාකිස්තානයේ හා යුක්රේනයේ ජනාධිපතිවරුන් හා සෞදි රජුද ඒ අතරින් කිහිපදෙනෙක්.
රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ රහස් ගිණුමක් පිළිබඳව ද අනාවරණ වී තිබෙනවා. ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ අමිතාබ් බච්චන් සහ ඓෂ්වර්යා රායි ද මෙවැනි රහස් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්
Tuesday, April 5, 2016
ලොකුම කළු සල්ලිකාරයින් අතර රාජ්‍ය නායකයින් 12කුත්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment