ඇමති චම්පිකට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

ඇමති චම්පිකට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සකස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් අද(05) කථානායකවරයා වෙත භාරදී තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍යවරයාට අයත් මෝටර් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය මුල් කරගනිමින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත. එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 42දෙනෙකු අත්සන් කර ඇතැයි වාර්තා වේ.

පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා සිද්ධියට අදාළ නීතිමය කටයුතුවලින් මගහැර සිටීමට උත්සාහ දරන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස එය එතරම් උචිත නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad