ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා තම නිවාස කුලිය ලෙස මසකට ඩොලර් 5000 ක දීමනාවක් පසුගියදා පැවැති ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේදී අනුමත කරවාගෙන තිබේ.
ඩොලර් 5000 ක් යනු රුපියල් 7,30,000 කට (හත් ලක්ෂ තිස් දහසකට) අධිකය. කුමාරසිංහ සිරිසේන විසින් මෙකී මෙගා නිවාස කුලී දීමනාව ලබා ගන්නේ ඔහු විසින් දැනට ටෙලිකොම් සමාගමෙන් පමණක් ලබා ගන්නා මිලියන ගණනක මාසික වැටුප් සහ දීමනා වලට අමතරව ය.
ලන්ඩනයේ පදිංචියට අගනා ප්‍රෙද්ශයක නිදන කාමර 3 ක නිවසක මාසික කුලිය පවුම් 2000 ක් හෙවත් ඩොලර් 2850 ක් පමණ වන අතර නිව්යෝර්ක් නගරයේද එවැනිම ගණනක් වේ. ලොස් ඇන්ජලීස් වැනි හොලිවුඩ් තරු වෙසෙන පලාතක වුව නිදන කාමර 3 ක නිවසක මාසික කුලිය ඩොලර් 3000 ඉක්මවන්නේ නැත. ඒ අනුව කුමාරසිංහ සිරිසේන කොළඹින් ජීවත්වීමට නිවාස කුලියක් ලෙස ඩොලර් 5000 ක් ලබා ගැනීම පුදුමාකාරය.
මෙකී පුදුමාකාර නිවාස කුලිය සභාපතිට ගෙවන්නැයි අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කර ඇත්තේ කුමාරසිංහ විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ගත් ඔහුගේ කූඨ ව්‍යාපාරික සගයා වන මරාවාදී වෑගපිටිය විසින් වන අතර මැලේසියානු අධ්‍යක්ෂකවරුන් මීට එරෙහි වෙද්දී ඔවුන් සමග කට ගසා ගෙන එය අනුමත කරවා ගෙන ඇත්තේ ද ඔහු විසිනි.
මීට පෙර සිටි ටෙලිකොම් සභාපති ලෙස කටයුතු කළ නිමල් වෙල්ගම මහතා නිවාස කුලියක් තබා තම වැටුප හෝ ටෙලිකොම් සමාගමෙන් ලබා නොගත් අයෙක් වීම මෙහිදී කැපී පෙනෙන්නකි. කුමාරසිංහ සභාපතිගේ මෙගා වැටුප් මෙගා නිවාස කුලී ගෙවිය යුත්තේ මේ රටේ දුරකථන බිල්පත් ගෙවන අසරණ ජනතාව ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමට පෙර ජනතාවට පොරොන්දු වූ පරිදිම ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පදිංචියට නොගොස් තමා පෙර සිටි ඇමැති නිවසේම (ජනාධිපති අවශ්‍යතා අනුව මඳක් සංස්කරණය කර) සාමාන්‍ය පුද්ගලයෙකු සේ වාසය කරද්දී සමාගම් සභාපති කමක් දරණ කුමාරසිංහ මල්ලී මේ ආකාරයට මෙගා නිවාස කුලී මහජන මුදලින් ගසා කෑම නින්දා සහගත ය. ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා මිස කුමාරසිංහ සිරිසේනව ටෙලිකොම් සභාපති කළේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සටනේ දී කුමාරසිංහ සිරිසේන කෙනෙක් පැත්ත පළාතක සිටියේ ද නැත.
MR සේනා
Tuesday, April 5, 2016
හලෝ සිරිසේනගේ ගෙදර මසක කුලිය ඩොලර් 5000ක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment