ලිඳක තිබී මළ සිරුරක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

ලිඳක තිබී මළ සිරුරක් සොයා ගැනේ

එප්පාවල තලාව පාර, ඉහල වැව ප‍්‍රදේශයේ පිහිටි හාල් මෝලක් සහිත ඉඩමක ඇති ලිඳක තිබී දින කිපයක් ගත වු පිරිමි මළ සිරුරක් ඊයේ (06) සොයාගෙන තිබේ.

අදාළ තැනැත්තා 45 හැවිරිදි ක්ලේමෝන් පැටි‍්‍රක් සිල්වා නම් වන අතර ඔහු කඩවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු කාලයක් තිස්සේ මෙම හාල් මෝලේ කාමරයක් තුල පාපැදි අළුත්වැඩියා කිරීමේ වැඩපලක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිට මෘත ශරිරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන එප්පාවල පොලීසිය විසින් මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad