තමන් කිසිවිටෙකත් අරවින්ද ද සිල්වා මහතා සමග ඊමේල් ගනුදෙනු කර නොමැති බවත්, නායකයෙකු ලෙස හැමවිටම කටයුතු කළේ හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා සමග බවත් හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග මහතා සඳහන් කරයි.
සෙසු ක්‍රීඩකයන් ව අයි.පී.එල්. කණ්ඩායම් මිල දී නොගැනීම පිළිබඳ තමන්ට කිසිවක් කළ නොහැකි බව ද ඔහු පැවසී ය. මාලිංග මෙම අදහස් පළ කළේ අරවින්ද ද සිල්වා මහතා පසුගිය දා තමන් සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශවලට පිළිතුරු වශයෙනි. තමන් රට වෙනුවෙන් වසර 12ක් ක්‍රීඩා කළ බවත් කිසිවිටෙකත් තරගාවලියක් අතරමග නතර කර දමා නොගිය බවත් පැවසූ ලසිත් මාලිංග, අතීතය මිනිසුන්ට අමතක වී ඇති බව ද පවසා සිටියේ ය.
ඒ පිළිබඳ අදහස් දැක් වූ ලසිත් මාලිංග මහතා, "මම අරවින්ද ද සිල්වා මහතා සමග ඊමේල් ගනුදෙනු කරලා නැහැ. ඒ කතාව අසත්‍යයක්. මම නායකයෙක් වශයෙන් වැඩ කළේ කපිල විජේගුණවර්ධන (හිටපු තේරීම් කමිටු සභාපති) මහතාත් සමගයි. වත්මන් තේරීම් කමිටුව විනාඩි 10 කින් කණ්ඩායමක් තේරුවා, කවුරුත් දන්නෙත් නැහැ. උදේ බලද්දී ඔවුන් පත්වෙලා. 2011 ලෝක කුසලාන අවසාන තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වෙලා තරගයක් නොගහම හිටියා, ළහිරු තිරිමාන්න ආබාධයකට ලක්වෙලා මැදදි එළියට ගියා.
ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම සාමාන්‍ය දෙයක්. මම කියන අතීතය මිනිසුන්ට මතක නැහැ. හැමෝටම මතක හිටින්නෙ මාලිංගට යම් දෙයක් වුණොත් පමණයි. අයී.පී.එල් කියන්නේ මම විතරක් ක්‍රීඩා කරන තරගාවලියක් නෙමෙයි. අනික් ක්‍රීඩකයන්ව අයි.පී.එල් කණ්ඩායම් මිල දී ගන්නේ නැහැ කියලා මම මොනවා කරන්න ද? පොඩ්ඩක් ක්‍රිකට්වල ඉතිහාසයට ගිහින් ආවර්ජනය කරලා බලන්න. 2011 වසරේ ඉන්දියාව සමග පැවැති අවසන් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් නිසා ක්‍රීඩා කළේ නැහැ.
එදා එම තරගයට මම ක්‍රීඩා නොකළා නම් හැමෝම කියයි ඉන්දියාව නිසා මම ක්‍රීඩා කළේ නැහැ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න, මම ක්‍රීඩා කළ අවුරුදු 12ටම කවදාවත් තරගාවලියක් අතරතුර දාලා ඇවිත් නැහැ. එක්කො මම ක්‍රීඩා කරලා තියෙනවා, නැතිනම් අයින් වෙලා තියෙනවා. මම කවදාවත් භාගෙට තරග ක්‍රීඩා කරලා මග දාලා යන්නෙ නැහැ. බැරි නම් බෑ, පුළුවන්නම් පුළුවන්. දැන් මං ක්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ. මං ක්‍රිකට් ගහන්නෙත් නැහැ"යනුවෙන් පැවසී ය.
Friday, April 8, 2016
'මං ක්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ' - ලසිත් මාලිංග
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment