කතකගේ රහස් ප්‍රදේශයේ දෙහි සිරකොට කට්ටඬියා පළා යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

කතකගේ රහස් ප්‍රදේශයේ දෙහි සිරකොට කට්ටඬියා පළා යයි

නිතරම නිවසට නාගයකු එනවා යෑයි පැවසූ කාන්තාවකට එය වළක්‌වා දීමට ශාන්ති කර්මයක්‌ කළ යුතු යෑයි පැවැසූ කට්‌ටඬියකු ඒ සඳහා රුපියල් විසිදහසක්‌ ගෙන එම ශාන්ති කර්මය කරන මුවාවෙන් කාන්තාව කාමරයකට ගෙන ඇය සිහිසුන් කිරීමෙන් පසු නිරුවත් කොට ඇගේ රහස්‌ ප්‍රදේශයේ දෙහි හිරකොට පලායැම පිළිබදව දිඹුලපතන පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

රහසඟේ දෙහි හිර කිරීමෙන් අසාධ්‍ය වූ කාන්තාව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුලත් කර තිබුණි. දිඹුලපතන පොලිස්‌ බල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවක්‌ වන මෙම කාන්තාවගේ නිවසට දිවා රෑ නයෙකු පැමිණ තිබේ. මේ පිළිබඳව දේවාලයකින් විමසීමේද එය නිවසේ භූමි දොaෂයක්‌ බව පවසා තිබේ.

ඒ අනුව මේ කාන්තාව හට ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ගාල්ල ප්‍රදේශයේ යෑයි පැවසූ මෙම කට්‌ටඬියා මුණ ගස්‌සවා ඇති අතර ඔහු විසින් ගනුදෙනු කතාකොට මෙසේ ශාන්ති කර්මය සිදුකොට තිබේ.

කාන්තාවට බන්ධනය කොට ඇති කොඩිවිනයක්‌ නිසා මෙම නාගයා පැමිණෙන බව පැවසූ කට්‌ටඬියා රාත්‍රි කාලයේ මෙම ශාන්ති කර්මය ආරම්භ කොට ඇය තනිවම නිවසේ කාමරයට ගෙන මෙම අකටයුත්ත කොට තිබේ. පසුව නිවසේ අනෙකුත් අයට පවසා ඇත්තේ ඇයට සිහිය ලද පසු සියල්ල හරියන බවයි.

ඉන් පසු මහ රෑම මොහු මුදල් රැගෙන පලා ගොස්‌ තිබේ. මෙම කට්‌ටඬියා මේ ආකාරයට බොහෝ නිවැසියන් වංචාවන්ට හසුකර ඇති බවද අනාවරණය වී තිබේ. දිඹුලපතන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad