බ්ලොග්කරුවෙක් කපා කොටා මරා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

බ්ලොග්කරුවෙක් කපා කොටා මරා දමයි

බ්ලොග් අඩවියක ආගමික නොවන ලෞකික අදහස් පළ කළ බංග්ලාදේශයේ නීති ශිෂ්‍යයකු ඩකා අගනුවර ප්‍රධාන මංසන්ධියකදී කපා කොටා වෙඩි තබා මරා දමා ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි.

28 හැවිරිදි නසිමුදින් සමාධ් නමැති මෙම සිසුවා ගනජග්රන් මන්ච් නම් ලෞකික ප්‍රචාරක කණ්ඩායමේ සංවිධායකවරයා වී සිටි බව  වාර්තා වේ. ඔහු නිරන්තරයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ආගමික අන්තවාදයට විරුද්ධව ලිපි පළ කළ බව ද සදහන් වේ.

පසුගිය වසර තුළ බංග්ලාදේශයේ ප්‍රමුඛ ලෞකික බ්ලොගකරුවන් රැසකට ආගමික අන්තවාදීන් විසින් පහරදී තිබු නමුත් බංග්ලාදේශ රජය එම ප්‍රහාර හදුනා ගැනීමට අසමත්ව ඇති බව සදහන් වේ. මීට අමතරව පසුගිය වසර තුළ ප්‍රමුඛ ලෞකික බ්ලොග් අඩවි රචකයන් 04දෙනෙකු ද මරා දමා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad