ශ්‍රීලනිපයේත් තනතුරුවල වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

ශ්‍රීලනිපයේත් තනතුරුවල වෙනසක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති මෙහෙයවීමේ බලතල කිහිප දෙනෙකු වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දැක්වූවා. 

ධීවර අමාත්‍යාංශයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා. එහිදී වරාය වෘත්තිය සමිතිය ඩිලාන් පෙරේරා, අධ්‍යාපන වෘත්තිය සමිති ලසන්ත අලගියවන්න, වතු අංශය එස් බී දිසානායක, ඛනිජ තෙල් අනුරාධ ජයරත්න, දිවිනැගුම සහ ආර්ථික සංවර්ධන අංශය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලංගම වෘත්තිය සමිති දයාසිරි ජයසේකර, ගොවි සංවිධාන විජයමුණි සොයිසා, විදුලි බල ප්‍රියංකර ජයරත්න, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබා දීමටත් කටයුතු කළ බවයි සඳහන් කළේ්‍.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු වෘත්තිය සමිතිවල මෙහෙයුම් භාරව කටයුතු කළේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්. මේ අතර චාවකච්චේරි ප‍්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් සහ ක්ලේමෝ බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ ඇතැම් දේශපාලඥයන් ඉදිරිපත් කළ අදහස් රටට අහිතකර බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

සංචාරකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඇති මෙවන් මොහොතක එවැනි ප්‍රකාශ කිරීම තුළින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad