අනියම් පෙම සනසන්න කෘෂි ඇමති විගණකාධිපතිවරයාත් අන්දයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

අනියම් පෙම සනසන්න කෘෂි ඇමති විගණකාධිපතිවරයාත් අන්දයි

මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය  මෛත්‍රීගේ බත් බැලයා වන් දුමින්ද දිසානායක කටයුතු කරනුයේ එම ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ අනියම් සබඳතාවය පවත්වාගෙන යන කාන්තාවට අයත් එකක් නිසා බව අනාවරණය වි තිබේ.

වසර ගණනාවක් දුමින්ද සමග අදාළ කාන්තාව සබඳතාවයක් පවත්වාගෙන යන අතර බත්තරමුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු හෙක්ටයාරයක වපසරිය ඇති ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීමට කටයුතු නොකර පෞද්ගලික ගොඩනැඟිල්ලක් පස් වසරකට කුලියට ගැනීමට ගිවිසුකට එළැඹීමෙන් රුපියල් අනූපන්කෝටි අසූලක්ෂයක් (රු. 95,80,00,000) පෞද්ගලික සැපයුම්කරුවකුට කුලී ගෙවීමට එකඟවීමත් සමග කල සොයා බැලිමේදි අදාළ ගොඩනැගිල්ලඇයට අයිති එකක් බව අනාවරණය ඊ තිබේ.

අදාළ  ගොඩනැඟිල්ලේ වර්ග අඩියකට රුපියල් එකසිය හැට හතයි පනහක (රු. 167.50) මාසික කුලියක් අය කෙරෙන බවට ගොඩනැඟිල්ල හිමිකරු ඉදිරිපත් කර ඇති යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශය එකහෙළාම පිළිගෙන ඇතත් එම රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වර්ග අඩියකට රුපියල් එකසිය පනහක් (150) බවද ඒ අනුව වර්ග අඩියකට රුපියල් දාහතයි පනහක් (රු. 17.50) වැඩිපුර ගෙවීමකට අමාත්‍යාංශය එකඟවී ඇති බවද විගණකාධිපතිවරයා සිය නිර්දේශ වාර්තාවෙන්ද අනාවරණය කර තිබේ.

ගොඩනැඟිල්ල කුලියට ගැනීමෙන් තුන් වසරකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක් මෙන්ම දෙවසරකට (මාස 24ක) කුලී අත්තිකාරමක් අවශ්‍ය බවද ගිවිසුමේ කොන්දේසි අතර ඇතැයි විගණන විමසුමේ දැක්වේ. ඉහත කරුණු ඇතුළත් කර කෘෂිකර්ම ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය මාර්තු 2 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද විගණකාධිපතිවරයා කියයි.


මූලාශ්‍රය : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad