අස්ගිරි පාර්ශවයේ 22 වන මහා නාහිමියන් ලෙස බදුල්ල - මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ සමානච්ඡන්දයෙන් තෝරා පත් කරගෙන තිබේ.
අස්ගිරි මහා නාහිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍යය ගලගම ශ්‍රී අත්ථදස්සී නා හිමියන් ඉකුත් මාර්තු මස 09 වැනි දා අපවත්වීම හේතුවෙන් එම තනතුර හිස් විය. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක පදවිය සඳහා ඉදිරිපත්වීමට අනුනායක ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් විය.
ඒ පොළොන්නරුව - සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සහ බදුල්ල - මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ය.
1955 අප්‍රේල් මස 07 වැනි දා උඩපිටියේ ශ්‍රි සුමංගල, මැදගොඩ පඤ්ඤානන්ද, අළුදෙණියේ රතනපාල හා රඹුක්වැල්ලේ සද්ධානන්ද යන ගුරු හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හා එවකට අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ධුරය හෙබවු යටවත්තේ ධම්මරතන මහනායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ වරකාගොඩ ඤාණරතන හිමිගේ මවුපියෝ හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නාරාළලාගේ පිංචිඅම්මාට දාව 1942 මාර්තු 18 වැනි දා ඒ හිමියෝ උපත ලදහ.
ශාසනික වත් පිළිවෙත් මැනවින් ප්‍රගුණ කළ වරකාගොඩ ඥාණරතන සාමණේරයානන් වහන්සේ 1962 ජූනි මස 09 දින අස්ගිරි මහාවිහාරිය මංගල උපෝසථාගාරයේ දී ම අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලදහ. පළමුව බදුල්ල විද්‍යොත්තංස පිරිවෙනේ හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනේ මුලික බණ දහම් ප්‍රගුණ කළ ඒ හිමියෝ මුලික අධ්‍යාපනය ලබා අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනෙන් හා පේරාදෙණිය ශ්‍රි සාරානන්ද පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය සාර්ථක ව හදාරා ධර්ම විනය සහ ශබ්ද ශාස්ත්‍රයෙහි ප්‍රවිණත්වයක් ඇති කර ගත්හ.
සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන්හි පුළුල් දැනුමක් ලැබූ ඒ හිමියෝ 1970 වසරේ දි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලදහ.
1976 සිට ශ්‍රී දළඳා මාලිගාවේ තේවා කටයුතු ආරම්භ කළ නාහිමියන් 2004 හා 2005 වසර වලදී ද තේවා කටයුතු කළහ.
1990 වර්ෂයේ නොවැම්බර් 29 වැනි දා අස්ගිරි පාර්ශවයේ කාරඛ සංඝ සභික ධුරයට ශ්‍රිමත් පාලිපාන චන්දානන්ද මහනායක ස්වාමින්ද්‍රයන් විසින් පත් කරන ලද මහානාහිමියන් 2009 මැයි මස 01 දින ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වි මෙරට බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.
ඡායාරූප - කමල් සුරවීර

No comments:
Post a Comment