ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා වෙනත් නීති යටතේ ආරක්ෂක අංශ සාමාජිකයන් 18 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ පිළිතුරක මේ බව සඳහන් විය.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නාවික හමුදාවේ තිදෙනෙකු ද, යුද හමුදාවේ හත්දෙනෙකු හා වෙනත් නීති යටතේ පොලීසියේ හතරදෙනෙකු හා යුද හමුදාවේ හතර දෙනෙකුද අත්අඩංගුවට පත් ව ඇති බව එහි සඳහන් වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අදාළ ප්‍රශ්නය අසා තිබූ අතර ප්‍රශ්නය විමසීම සඳහා ඒ මහතා සභාවේ නොසිටියේ ය.

No comments:
Post a Comment