නව දුම්රිය කාලසටහන නිසා මගීන් අපහසුතාවයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

නව දුම්රිය කාලසටහන නිසා මගීන් අපහසුතාවයට

කාර්යාල සේවකයන්ගේ ඉල්ලීම මත බව පවසමින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනස් කළ නව කාලසටහන හේතුවෙන් රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.

මූලික වශයෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ගැටලු ඇතිව ඇති බවට ‍චෝදනා කරන ඔවුන් කිසිඳු දුම්රියක් නියමිත වේලාවේදී කොළඹට හෝ මරදානට පැමිණෙන්නේ නැතැයි ද පවසයි.

සමහර දුම්රියන් විනාඩි 10-15 පමණ කාලයක් දුම්රිය ස්ථාන වල නවත්වාගෙන සිටීම නිසා බොහෝ සේවකයන්ට නියමිත වේලාවට කාර්යාල සඳහා පැමිණිමට නොහැකි වී තිබේ.

කාර්යාල දුම්රිය මීට පෙර නොනවත්වා ධාවනය කළ දුම්රිය ස්ථාන වල ද දැන් එම දුම්රිය නවත්වන බැවින් ද  දුම්රියට සමගාමීව බස් ධාවනය කරන බැවින් දුම්රිය කාලසටහන වෙනස්වීමට සමගාමීව බස් කාලසටහන වෙනස් නොවීම ද ගැටලුවක් බව මගීන් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad