ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ල කිරුළුපන මැයි රැළියට යනවා.. ගාල්ලේ රැළියට නෑ.. හැකිනම් නෙරපනු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ල කිරුළුපන මැයි රැළියට යනවා.. ගාල්ලේ රැළියට නෑ.. හැකිනම් නෙරපනු..

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියළු මන්තී‍්‍රවරු කිරුළපන පැවැත්වෙන මැයි දින රැලියට සහභාගීවීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුද එම තීරණයට එලඹ ඇති බවත්, රණතුංග මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී රණතුංග මහතා මෙසේද කීවේය.

”මේ වෙනකොට යහපාලන ආණ්ඩුවත් එක්ක යහන්ගතවෙලා ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට රටේ හැමතැනින්ම පාක්‍ෂිකයන්ගේ විරෝධය එල්ල වෙනවා. මේ විරෝධය එල්ල වන්නේ ඔවුන් යහපාලන ආණ්ඩුවත් සමග එකතුවෙච්ච නිසයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවත්වන මැයි රැුලියට අපිත් ගියොත් අපි දෙගොල්ලන්ටම එකටයි පෙලපාලි යන්න වෙන්නේ. අපි කටයුතු කරන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඒ අය ආණ්ඩුවේ.  


නියෝජිතයන් අපිත් එක්ක යන ආධාරකරුවන් මේ ආණ්ඩුවට විරුද්ධ මත වාදයි දරන්නේ. ඒ අය   එතනදී අපේ පක්‍ෂෙ සභාපතිකතුමාට හරි ඔය ආණ්ඩුවට එකතුවෙලා ඉන්න ඇමති කෙනෙකුට හරි හූ කියලා විරෝධය පල කලොත් ඒක හොද නෑ. කම්කරු දිනය සමරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව. අද මේ යහපාලන ආණ්ඩුව වැඩකරන ජනතාවට යන එන මං නැති කරලා. රජයේ සේවකයන් ඇතු`ඵ වැඩ කරන ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව කරපු කෙන් ගෙඩියක් නෑ. බොරු කියලා රැුවැට්ටුවා ඇරෙන්න. අද රාජ්‍ය සේවය කප්පාදු කරලා . 

රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුනන්න හදනවා. වැටුප් වැඩි කිරීම්වලට බාලගිරිදෝෂය . අද බඩු මිල ඉහළ ගිහින්. කිව්වෙනම් රට සුරපුරයක් කරනවා කියලා. රාජපක්‍ෂලාට බනිනවා ඇරෙන්න කරපු දෙයක් නෑ. මහින්ද මහත්තයා මේ රට නිදහස් කර ගන්න දේශපාලන නායකත්වය දුන්නු කෙනා. අද එතුමාගේ ආරක්‍ෂාව ට හිටපු පුහුණු හමුදා නිලධාරීන් ඉවත් කරලා ඒ වෙනුවට ප‍්‍රභූ ආරක්‍ෂක පොලිස් නිලධාරීන් යොදවලා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව මෙලෙස අවම කිරීම කොටි ඩයස් පෝරාවේ උවමනාවට සිදුවූ දෙයක්. 

ආණ්ඩුව මේ හදන්නේ මහින්ද මහත්තයව ඝාතනය කරන්න කොටින්ට නිරාවරණය කරන එකයි. පමහින්ද මහත්තයගේ ආරක්‍ෂාව වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නේ. කොට් ඩයස් පෝරාවේ ඉල්ලීම අනුවයි. මේක කරන්න දෙන්න බෑ. මහින්ද මහත්තයගේ ආරක්‍ෂාවට ඉන්න පුහුණු හමුදාව ඉවත් කලොත් අපි ජනතාවත් එක්ක වීදි බහිනවා. අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් අය ඒකාබද්ධ විපක්‍ෂයට චෝදනා කරනවා අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න හදනවා, පරාජය කරන්න හදනවා කියලා. 

රනිල් එක්ක නිදිවදින ගමන් කියනවා අපි ඉටු කරන්නේ එ.ජා.පක්‍ෂයේ කොන්ත‍්‍රාත් එකක් කියලා. අපි නෙමෙයි එ.ජා.පක්‍ෂයේ කොන්ත‍්‍රාත් ඉටු කරන්නේ. ජනවාරි 08 වෙනිදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයාට එරෙහිව තරග කරලා එ.ජා.පක්‍ෂයේ කොන්ත‍්‍රාතුව ඉටුකලේ කවුදැයි මු`ඵ රටම දන්නවා. පාර්ලිමේන්තු මැතිවරනෙදි මෛතී‍්‍ර මහත්තයම කියන විදියට අපි දිනන්නයි හිටියේ. 

ඒක වලක්වන්න තමයි පක්‍ෂෙ මහ ලේකම්වරු ඉවත් කරමින් ලියුම් යවමින් කුමන්ත‍්‍රණය කලේ. එතකොට එදා මෛතී‍්‍රපාල සිරිසේන මහත්තය ඉටුකලේ කාගේ කොන්ත‍්‍රාත්තුවදැයි ප‍්‍රශ්ණයක් මතු වෙනවා. එදා කලේ එක්සත් ජාතික පක්‍ෂ කොන්ත‍්‍රාත්තුවක් නොවේද. අපේ පක්‍ෂෙ සභාපතිවරයා ගැන ගමේ පාක්‍ෂිකයන්ට විශ්වාසයක් නෑ. පක්‍ෂෙ සභාපතිකම අරන් වසර එක හමාරක් ගතවෙලත් ඒ විශ්වාසය ගොඩ නගා ගන්න එතුමාට නොහැකි වෙලා තියෙනවා. 

අපේ පක්‍ෂෙ සභාපතිතුමා රටේ සංහිදියාව ගැන කතා කරනවා. චෝදනා කරමින් පලි ගනිමින් පක්‍ෂෙ සංහිදියාව ඇති කරන්න බෑ. ඒ නිසා අපේ පක්‍ෂෙ සමගියක් ඇති කිරීමේ වගකීම තියෙන්නේ පක්‍ෂ නායකයන්ටයි. අපි කියන්නේ පාක්‍ෂිකයන් අපය කියන දේ. මුලින් අපේ පක්‍ෂ නායකයන් පාක්‍ෂිකයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. මහින්ද මහත්තයත් එක්ක කටයුතු කලා කියලා අපේ හරි පළාත් පාලන මන්තී‍්‍රවරුන්ගේ හරි පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කරලා විනය පරීක්‍ෂණ කැදවලා පක්‍ෂය ගොඩනගන්න බෑ.

කොහොම වුනත් අපි නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂ විරෝධී අරගලයටයි. මේ අරගලය මේ වෙලාවේ ජාතික යුතුකමක් හා වගකීමක්. ඒකාබද්ධ විපක්‍ෂය ඉටුකරන්නේ ඒ ජාතික යුතුකම සහ වගකීමයි. මැයි දිනය සංවිධානය කිරීමෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි අපේක්‍ෂා කරන්නේ ඒ ජනතා විරෝධී අරගලයට තව දුරටත් නායකත්වය දීමයි. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ඒකාබද්ධ මැයි රැලියට අප සහභාගිවීමේ කිසිදු වරදක් ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad