රහසිගත ගිනි අවි කම්හලක් වටලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

රහසිගත ගිනි අවි කම්හලක් වටලයි

මොණරාගල පොලිස් බල ප්‍රදේශයට අයත් පාලාරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයෙන් ගිනි අවි නිපදවන කම්හලක් වැටලීමට විශේෂ බලකා බුද්ධි අංශය ඊයේ (05) සමත් වී තිබේ.

එහි තිබී ගල්කටස් වර්ගයේ පිස්තෝල අවි 04ක් ෂොට් ගන් 10ක් සහ තවත් ගිනි අවි කොටස් විශාල ප්‍රමාණයක් ද ගිනි අවි නිපදවීමට යොදාගත් උපකරණ ඇතුළු නැවත පිරවිය හැකි බෝර 12 උණ්ඩ 31ක් රිවෝල්වර් වර්ගයේ උණ්ඩ බහලුම් 05ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මොණරාගල පාලාරුව පදිංචි 62 හැවිරිදි අයෙක් වන අතර ඔහු තම නිවස තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම ගිනි අවි නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad