ගාල්ල නගරාධිපතිට මැර තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

ගාල්ල නගරාධිපතිට මැර තර්ජන

තම නිවසට බිමතින් පැමිණි මැර පිරිසක් පදික වේදිකාවේ වෙළඳසැල් ඉදි කිරීමට ඉඩ නොදිම සම්බන්දයෙන් තර්ජනය කළ බව ගාල්ල වැඩබලන නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ඊයේ (05) මැයි දිනය පිළිබඳ සාකච්ඡා කිරිම සදහා කොළඹ පැවති රැස්විමකට ගොස් සිටි බවත් ඒ අතරතුර රාත්‍රියේ ඒ මහතාගේ නිවසට පැමිණි මැර පිරිස ඔහුගේ බිරිඳට මෙසේ තර්ජනය කොට ඇති බව ඒ මහතා මාධ්‍ය හමුවේ කියාසිටියේ ය.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ ගාල්ල තැපල් කාර්යාලය ඉදිරිපිට භුමිය පොදු රථ ගාලක් ලෙස වෙන් කරන ලෙස  තමන්ට අධිකරණ නියෝගයකින් ලැබී ඇති නිසා පදික ‍වෙළඳාමට තමන්ට ඉඩ ලබාදීමට නොහැකි බවයි. 

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ ලබාදී ඇති අධිකරණ නියෝගයට අනුව කටයුතු කිරීමට එරෙහිව පොලීසිය හෝ කිසියම්  දේශපාලනඥයකු බලපැම් කරයි නම් ජනාධිපතිතුමන් ඒ පිළිබඳව සොයාබලා තින්දුවක් නොගතහොත් නගර සභා සේවකයින් යම් නිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත් ඉන් මේ උත්සව සමයේ ජනතාවට ඇතිවන පිඩාවන් පිළිබඳව රාජකාරි පැහැර හරින පොලිස් නිලධාරින්ට ද වගකීමට සිදුවනු ඇති බවත් ය.

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad