ජනපති මෛත්‍රීගේ උත්සවයට වියදම තුන් කෝටියයි - බිල්පතට අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

ජනපති මෛත්‍රීගේ උත්සවයට වියදම තුන් කෝටියයි - බිල්පතට අනුමැතිය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06)දිනයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යංශය විසින් පැවැත්වීමට සූදානම් කර ඇති ගොවි සම්මේනය සඳහා රුපියල් කෝටි තුනක වියදමක් අනුමත කර ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවයේ ආහාර සඳහා රුපියල් හැට ලක්‍ෂයක්ද, පසුතල අලෝකරකණය ශබ්ද ආදිය සඳහා අසූ ලක්‍ෂයක්ද, ගෝවීන්ගේ ප‍්‍රවාහන සඳහා හැත්තෑ පන් ලක්‍ෂයක්ද, ලිත් සිහිවටව ආදිය ඇතුල් බෑග ලබා දීමට රුපියල් හතලිස් ලක්‍ෂයක්ද ආදී වශයෙන් තුන්කෝටි අට ලක්‍ෂයක් අනුමත කර තිබේ.

2015 ජනාධිපතිවරයා දිවුරුම් දුන් උත්සවයට වියදම් වූයේ රුපියල් තුන් දහස පමණක් යැයිද එම කාලයේදී වාර්තා පල වූ අතර එයද එහි තිබූ මල් කළඹට බව වාර්තා විය. මෙම උත්සවයේ සැරසිලි සඳහා පමණක් අනුමත කර ඇති මුදල රුපියල් ලක්‍ෂ පහකි.

එම ලිපිය පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad