වාහන අවභාවිය ගැන හිටපු කෘෂි ඇමති කියයි (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

වාහන අවභාවිය ගැන හිටපු කෘෂි ඇමති කියයි (VIDEO) 

මේ රජය ගෙන යන කෘෂිකර්ම වැඩපිළිවෙළට විරුද්ධ ව මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නවාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ සිට කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට නඩු කීමට සිදු වී ඇති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ගොවිතැන කරදරයක් වූ ආණ්ඩුවක් නිසා ගොවිතැන් කරපු අපිට දඬුවම් කරන බවත් මෙය ඒකාබද්ධ විපක්ෂයය ලෙස තමන් සිටින ස්ථාවරය නතර කළ හැකි ද යන්න බැලීමේ වෑයමක් බවත් ඔහු පවසයි. ඔහු මේ බව පැවසූවේ විමර්ශනය දෙකකට අදාල ව ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට ඊයේ (05) පැමිණි අවස්ථාවේ දී ය

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටිය දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් සහ තවත් විමර්ශන දෙකකට අදාළ ව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණ තිබේ.        
                                                              
එම වීඩියෝව පහතින්....                                                                               

No comments:

Post a Comment

Post Bottom Ad