ඒකාබද්ධ විපක්ෂයේ තීරණය එළියට - මහින්දගෙන් වෙනම මැයි රැළියක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

ඒකාබද්ධ විපක්ෂයේ තීරණය එළියට - මහින්දගෙන් වෙනම මැයි රැළියක් 

ඒකාබද්ධ විපක්ෂය සිය මැයි දින රැලිය 'ඒකාබද්ධ විපක්ෂයේ' මැයි දිනය ලෙස වෙනම පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවෙසේදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම ඊයේ (05) පැවැත්වූ අවස්ථාවේදී එම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලින් මැයි දින පෙළපාලිය ආරම්භ කරන අතර මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩංගණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් වෙනම මැයි දින රැලියක් පැවැත්වීම අනිවාර්යය බවයි. එසේම විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දීමටත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී තීරණයට එළැඹ ඇත.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමටද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රිවරු විශාල පිරිසක් සහභාගි වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප සංවිධායකවරුන් විශාල පිරිසක් ඊට සහභාගිවී තිබේ. ගාමිණී ලොකුගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුද මේ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරු අතර වූහ. 

No comments:

Post a Comment

Post Bottom Ad