එන්. කේ. ඉලංගකොන් මහතා පොලිස්පතිධූරයෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
අද (07) ජනාධිපති නිල නිවසේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී පොලිස්පතිවරයා එම දැනුම්දීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වසර 05ක පමණ කාලයක් පොලිස්පතිවරයා ලෙස එන්. කේ. ඉලංගකොන් මහතා සිදුකළ සේවය එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇගයීමට ලක් කර තිබේ.
මෑත භාගයේ බිහි වූ පොලිස්පතිවරු අතරින් ආදර්ශමත් ලෙස සිය තනතුරේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්. කේ. ඉලංගකොන් මහතා ඉතිහාසයට එක්වන බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත. මෙරට 33වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එන්. කේ. ඉලංගකොන් මහතා එළැඹෙන 11 වැනි දා එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

No comments:
Post a Comment