සරසවි රැකියා පොළ සිකුරාදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

සරසවි රැකියා පොළ සිකුරාදා

කොළඹ විශ්ව විද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් සංවිධානය කරන රැකියා පොළක් මෙම මස 08 වැනි සිකුරාදා උදෑසන 09.00 සිට පස්වරු 05.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් රැසක් එදිනට කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා රැකියා විරහිතව සිටින පිරිස් සම්මුඛ පරීක්ෂණයන්ට භාජනය කර රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු යොදා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ උපදේශකත්වයෙන් මෙම රැකියා පොළ සංවිධානය කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad