'මහින්දට නීතියට පිටින් හමුදා ආරක්ෂාව දීලා' - ආරක්ෂක ලේකම්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

'මහින්දට නීතියට පිටින් හමුදා ආරක්ෂාව දීලා' - ආරක්ෂක ලේකම් 

මෙතරම් කාලයක් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට යුද හමුදා ආරක්ෂකයන් 103 දෙනකු ලබා දී ඇත්තේ නීතියට පිටින් බවත්, එය වරදක් බවත් එය දැන් නිවැරදි කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (07) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවසී ය.

‘‘හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව පොලිසියේ 103 දෙනෙකු හා යුද හමුදාවේ 103 දෙනකු යොදවා තිබුණා. හදිසි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක යුද හමුදාව ලබා දීමේ නීතිමය හැකියාවක් නැහැ. මීට මාස ගණනකට පෙර ආරක්ෂක මණ්ඩලයේ දී ඒ බව මතුවූ මතුවුණා. 

ඒ අනුව යුද හමුදාවේ සාමාජිකයන් වෙනුවට ඒ හා සමානව විශේෂ කාර්ය බළකාය ඇතුළුව පොලිසියේ සාමාජිකයන් ලබා දෙන්න තීන්දු වුණා. මෙතෙක් පැවති වරද දැන් නිවැරදි කරනවා. ‘‘

ප්‍රශ්නය - එහෙනම් මෙතෙක් කල් නීතියට පිටින්ද යුද හමුදා භටයන් දී ඇත්තේ?

පිළිතුර - ඇත්තෙන්ම ඔව්

‘‘රටේ ජනාධිපතිටත්, අගමැතිටත් යුද හමුදා ආරක්ෂාව ලබා දී නෑ. නමුත් හිටපු ජනපතිට යුද හමුදාවේ 103 දෙනකු සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යුද හමුදාවේ 50 දෙනකුත් ලබා දී තිබෙනවා.
ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කළ බවට පැතිර යන කතා බොරු. මීට දින කිහිපයකට පෙර හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිසියේ තවත් 50 දෙනකු යැව්වා. 

අද මේ මොහොත වන විට ඔහුගේ ආරක්ෂාවට යුදහමුදාවේ හා පොලිසියේ 256 දෙනකු සිටිනවා. ක්‍රමානුකූලව යුද හමුදාව ඉවත් කර ඒ වෙනුවට විශේෂ කාර්ය බළකා හා පොලිසිය යොදවනවා. ආරක්ෂාවේ අඩු කිරීමක් කරන්නේ නෑ. අවශ්‍ය තරම් ආරක්ෂාව දෙනවා.‘‘ යැයිද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad