සරාගී නර්තනයන් සඳහා ඇෆ්ගනිස්ථාන පිරිමි දරුවන් යොදාගන්නා ව්‍යාපාරයක් පිළිබඳව රුසියානු RT නාලිකාව විසින් නිපදවූ වාර්තා වැඩසටහනක් මගින් අනාවරණය කර ඇත.
එරට තුළ ප‍්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම කාන්තාවන් සඳහා තහනම් කර තිබේ. මේ නිසා පිරිමින් පමණක් සහභාගී වන සාදයන් සඳහා පර්සි භාෂාවෙන් කොල්ලා යන අරුත සහිත බචාස් නම් නර්තන ශිල්පීන් යොදාගන්නා බව හෙළිව තිබේ.
ඔවුන් සඳහා හිමිකරුවන් සිටින අතර නර්තනයෙන් පසු බචාස් ශිල්පියා සමග රාත‍්‍රිය පහන් කිරීමට බොහෝ දෙනෙක් උත්සුක වන බව පැවසේ. ඇෆ්ගනිස්ථාන රජය යටතේ අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කළ ජපාර් පවසා ඇත්තේ විශ‍්‍රාම යාමෙන් පසු තමන් මෙම ව්‍යාපාරයට අවතීර්ණවූ බවයි.
විවිධ පුද්ගලයින්ට විවිධ රුචිකත්වයන් පවතින බවත් ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ කලක සිට පිරිමි දරුවන් කෙරෙහි රුචිකත්වයක් පැවති බවත් ඔහු පවසා තිබේ. බචා ශිල්පියෙකු ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වීම සඳහා සුදුසුම වයස අවුරුදු 12,13 හෝ 15ක් පමණ විය යුතු අතර ඔවුන් අලෙවි කළ හැකි උපරිමය වන වයස අවුරුදු 25 පමණ වන තුරු බචාස් ශිල්පීන්ගේ හිමිකරුවන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සාමාන්‍ය සිරිතයි.
බචාස් ශිල්පියකුගේ විවාහයටද මෙම හිමිකරුවා මුදල් ලබාදෙන අතර ඇෆ්ගනිස්ථානයේ විවාහ උත්සවයක් සඳහා මනමාල පාර්ශ්වයට ඩොලර් දහස් ගණනක් වැයකිරීමට සිදුවීමද බොහෝ දෙනෙකු මේ සඳහා එක්වීමට හේතුවන බව පැවසේ.
Friday, April 8, 2016
කාන්තාවන්ට නර්තනය තහනම් ඇෆ්ගනිස්ථානය තුළ කාමුක නැටුම් සඳහා පිරිමින්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment