බැරි වැඩ කරන්න ගිහින් ආණ්ඩුව අමාරුවේ වැටුනා.. සල්ලි ගොඩක් නාවොත් රට හාන්සියි.. මහින්ද යුගය කොතරම් හොඳද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

බැරි වැඩ කරන්න ගිහින් ආණ්ඩුව අමාරුවේ වැටුනා.. සල්ලි ගොඩක් නාවොත් රට හාන්සියි.. මහින්ද යුගය කොතරම් හොඳද..

රජයේ සේවකයන් හට එකවර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීම රාජ්‍ය අයවැයට දැරිය නොහැකි බරක් බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

වරාය නගරය නැවත ඇරඹීම හොඳ දෙයක් බවත් කී ඇමතිවරයා රටේ තත්වය හොඳ නැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම එජාපයට ඡන්දය දුන් බොහෝ අයද ඉන්නේ අසතුටෙන් බවත්, පැවසුවේ මහනුවර අරුප්පල දී පැවැති ජන හමුවකදීය.

පසුගිය රජය විසින් ගත් සමහර ණය අයවැයට එක්කර නොතිබුනත් ,2005 -2015 කාලය තුල රටේ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් පැවති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පවා මූල්‍ය කටයුතු පිළිබඳව රාජපක්ෂ යුගයට එතරම් චෝදනා නැති බවත් සඳහන් කළ ඇමතිවරයා දැරිය නොහැකි මැතිවරණ පොරොන්දු දීම මෙම අර්බුදයට හේතුව බවද කීවේය.

ඇමති දිසානායක මහතා මෙසේ ද කීවේය.

එජාපයට ඡන්දය දුන්න අයත් ඉන්නේ සතුටින් නොවේ. රටේ තත්වය හොඳ නැහැ.මොනවා වුනත් 2005 -2015 කාලයේ අඛණ්ඩ ආර්ථික සංවර්ධනයක් තිබුණා. රටේ සමහර ණය, ගත්ත දේවල් අය වැයට ඇවිල්ල තිබුණේ නැහැ හැබැයි. ඒ පිළිබඳ මහා විවේචනයක් ලෝක බැංකුවෙන් වත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්වත් රාජපක්ෂ යුගයට තිබුණේ නැහැ.

අද අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ . ඒකට හේතුව අපි දරන්න බැරි පොරොන්දු දුන්නා. එකක් තමයි එකපාරටම රජයේ සේවකයන්ට රු.10000/-ක වැටුප් වැඩිවීමක් දීම.මේක දරන්න බැහැ රටට. අය වැයට මේක දරන්න බැහැ.

ඊටත් වැඩිය බරපතල කාරණය තමයි සමෘද්ධි සහනාධාරය 200 % කින් වැඩි කිරීම. මම සමෘද්ධිය පටන් ගන්නකොට බිලියන 08 ක් ලක්ෂ20 කට බෙදුවා. මේ බිලියන 12 බිලියන 42 ට ගෙනිච්චා .අද අපි බිලියන 42 ක් බෙදනවා. මේ ආර්ථිකයට ඒක දරන්න හයියක් නැහැ.

තෙල් මිල විශාල ලෙස අඩු කිරීම නිසා 26 % තිබ්බ රාජ්‍ය ආදායම 12% දක්වා බැස්සා .මේ වගේ දරන්න බැරි කාරණා කීපයක් නිසා අපි ඉන්නේ අර්බුදයක. මේකෙන් ගොඩ එන්න අපේ ආර්ථිකයට එක පාරටම සල්ලි ටිකක් ඕන. ඉන්දියාවත් එක්ක , චීනයත් එක්ක තියෙන ගැටළු නිරාකරණය කරගෙන ප්‍ර‍ශ්ණ විසඳගන්න ඕන.

ඔය වරාය නගර ව්‍යාපෘතිය නැවත පටන්ගන්න එක හොඳ දෙයක්. ඒකෙන් අපේ රටට සල්ලි එනවා. ඒ වගේම බදු සංශෝධන හරහා ආදායම් රැස්කරන්න ඕන.

– සංජය දසනායක

No comments:

Post a Comment

Post Bottom Ad