චීන මහජන සමූහාණ්ඩුව සහ ශී‍්‍ර ලංකාව අතර විශේෂ ගිවිසුම් 07ක් සඳහා අත්සන් තබා තිබේ. චීන අග‍්‍රාමාත්‍ය ලී කචියාන් මහතා සහ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී එම ගිවිසුම් අත්සන් කර තිබේ.
නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීම, වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා, තාක්ෂණ අවබෝධතා වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය යන ක්ෂේත්‍රවලට අදාළව එහි දී ගිවිසුම් අත්සන් කර ඇත.
මීට අමතර ව චීන සංවර්ධන බැංකුව සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් ද ඒ අතරට අයත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ චීන ස්වභාවික විද්‍යා පදනම සහ ශී‍්‍ර ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතා ගිවිසුමකට ද එහි දී අත්සන් කෙරුණි.
ඒ අතර චීන යුආන් මිලියන පන්සියයක ප‍්‍රදානයක් ශී‍්‍ර ලංකාවට පිරිනැමීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී එරට අග‍්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබේ. මෙරට ආයෝජන, කර්මාන්ත කලාප හා කාර්මීකරණ ව්‍යාපෘති සඳහා තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.
හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ද පූර්ණ සහාය ලබාදෙන බව ද චීන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධයකට අනුව 2017 වසරේ දී තමන් ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව චීන අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.
චීනය හා ශී‍්‍ර ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එමගින් දෙරට අතර පවතින වෙළෙඳ පරතරය අවම කිරීමට හැකිවනු ඇති බවත් එහිදී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

No comments:
Post a Comment