TURNING POINT ON : ප‍්‍රසන්නගේ නාම යෝජනා කපා දැමේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

TURNING POINT ON : ප‍්‍රසන්නගේ නාම යෝජනා කපා දැමේ…

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා පැවති සටනේ පුරෝගාමී  නායකයෙකු වන බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කරන ලෙස උපදෙස් ලැබී ඇත.

වාර්තා වන ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ උවමනාව ඇනුව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ පිළිබදව නාමයෝජනා කමිටුවට අද දහවල් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්, සන්ධානයෙන් තරග වැදීම සදහා නාමයෝජනා නොලැබී යාමේ අවධානමක් මතුව තිබේ.

මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ සමන්මලී සකලසූරිය, ගුණසිරි ජයනාත්, සහන් ප‍්‍රදීප්, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා යන අය හටද නාමයෝජනා ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි සන්ධානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ගම්පහ දිස්ති‍්‍රක්කයේ නාමයෝජනා පත‍්‍රය අද උදෑසන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සිය නිවසට ගෙන්වා ගෙන තිබේ. එහිදී ඇය සදහන් කර ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මහතාට අවස්ථාව ලබා දුන හොත් අර්ජුන රණතුංග මහතා මහ මැතිවරණයෙන් පරාජයට පත් වන බවයි.

එබැවින් ප‍්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයට කිසිසේත් නාමයෝජනා ලබා නොදෙන ලෙස, ඇය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. මීට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා සෘජුවම පෙනී සිටි  පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, සම්පත් අතුකොරළ වැනි පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද නාමයෝජනා නොලැබෙන තත්වයක් මතුව  ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ (07) රාතී‍්‍රයේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකඡ්ඡවේදී එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මන්තී‍්‍රවරයා සන්ධානයේ මහින්ද හිතවාදී හිටපු මන්ති‍්‍රවරුන් 18 දෙනෙකුට නාමයෝජනා ලබා දීමට විරෝධය පල කර ඇත.

1 comment:

Post Bottom Ad