බස්නාහිර පළාත්සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට නාමයෝජනා ලබාදෙන්නේ ද නැද්ද යන කාරණය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව සැකසීමේ ක්‍රියාවලිය දැඩි අර්බුධයකට ලක් වී ඇතැයි 'ඒෂියන් මිරර්' වෙත වාර්තා වේ.
ප්‍රසන්න රණතුංග මහතාගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීම සඳහා සඳහා මේ වන විට නාමයෝජනා ලබාදී ඇත.
එවන් තත්වයක් යටතේ ප්‍රසන්න රණතුංග මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබා දීමට තරයේ විරුද්ධ වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, කිසිම හේතුවක් යටතේ වුව එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට එකම දිස්ත්‍රික්කයකින් තරඟ වැදීමට නාමයෝජනා ලබා නොදිය යුතුයැයි පවසා සිටින බව එජනිස ඉහළ පෙළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කුමාරණතුංග මහත්මියගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළකරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසන්න රණතුංග මහතාට නාමයෝජනා ලබානොදෙන්නේ නම් තමා ඇතුළු කණ්ඩායම එක්සත් සනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී වෙනම තරඟ වදින බව එජනිස මහා ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇතැයි පැවසේ. ප්‍රසන්න රණතුංග මහතාට පමණක් නොව තමාට හිතවත් කණ්ඩායමේ සියළු දෙනාට එජනිස යටතේ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව රාජපක්ෂ මහතා පවසා ඇත.
Source : Asianmirror

No comments:
Post a Comment