දූෂණය වූ කාන්තාවන්ගේ ඇඳුම් රැගෙන උද්ඝෝෂණයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

දූෂණය වූ කාන්තාවන්ගේ ඇඳුම් රැගෙන උද්ඝෝෂණයක් (PHOTOS)

උතුරේ අතවරයට සහ දූෂණය කොට ඝාතනය කරන ලද කාන්තාවන් භාවිත කරන ලද ඇඳුම් රැස් කොට ප්‍රදර්ශනය කරමින්, අදාල වරදකරුවන් හට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරන අරමුණින් ඊයේ දින (07) යාපනය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පැවැත්විණ.

මෙය සංවිධානය කොට තිබුණේ උතුරු පලාත් කාන්තා ක්‍රියාකාරි ජාලය විසිනි. දූෂණය කොට ඝාතනය වුණු කාන්තාවන්ගේ ඇඳුම් වර්ග මාර්ග දෙපස ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වුණු උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සාමාජිකාවන් කියා සිටියේ යුද්ධයෙන් පසුව උතුරේ කාන්තාවන්ට හිරිහැර කිරීම් හා අතවරයන් මෙන්ම ඝාතනයන් ද සීග්‍රයෙන් වැඩි වී ඇති බවත්, එම සිදුවීම්වලට අදාල වරදකරුවන් බොහෝ පිරිසක් නීතියේ රැහනින් බේරි නිදැල්ලේ සිටීම මගින් ඉදිරියේදී ද මෙම පුද්ගලයින්ට තවත් කාන්තාවන් ගොදුරුවීමට ඉඩ ඇති බැවින් විධිමත් පරික‍්ෂණ ආරම්භ කළ යුතු බවත් ය.

එමෙන්ම ගෙවී ගිය කාල වකවානුවේ දී උතුරේ පාසල් සිසුවියන් මෙන්ම තරුණියන් බොහෝ පිරිසක් අතවරයන්ට හා හිරිහැර කිරීම්වලට ලක් වී ඇති බව උද්ඝෝෂණයෙහි යෙදුනු උතුරු පලාත් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සාමාජිකාවන් වැඩි දුරටත් කියා සිටියහ.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad