හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සිටි බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයට මෙලෙස පැමිණ ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සිය නාමයෝජනා අත්සන් කිරීමට බව වාර්තා වේ.
ඉදිරි මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් අද උදෑසන සිටම විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ.කෙසේවෙතත් අද (08) පෙරවරුවේ ඌව පරණගම ආසන බලමණ්ඩල රැස්වීමේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසූවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරනු ඇති බවයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අනිද්දා (10) නාමයෝජනා අත්සන් කරන බවද ඔහු අවධාරණය කළේය.
No comments:
Post a Comment