මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පොලීසිය යම් යම් වැරදි සිදුකරන බව අපරාධ නීතිය පිළිබද ප‍්‍රවීණ නීතිඥවරයෙකු වන යූ ආර් ද සිල්වා මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ දිගින් දිගටම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කෙරුණත් බොහෝ සැකකරුවන්ට දඩුවම් නියම කිරිම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් 'නෙත්' කළ විමසීමකදීයි.
ඉකුත් 22 වනදා සිට 29 වනදා දක්වා සතියේදී පමණක් මත්කුඩු සහ නීතිවිරෝධි මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් පන් දහස් හත්සීයයකට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ඉකුත්දා කියාසිටියා. පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන් ළග තිබී මත්කුඩු සහ නීතිවිරෝධි මත්පැන්ද විශාල ප‍්‍රමාණයක් සොයාගත් බවයි.
හෙරොයින් ග්‍රෑම් 294 ක් සමග සැකකරුවන් 951 යි.
ගංජා කිලෝග්‍රෑම් 698 ක් සමග සැකකරුවන් 2023 යි.
නීතිවිරෝධී මත්පැන් ලීටර් 341000 ක් සමග සැකකරුවන් 2816 යි.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය මෙලෙස අත්අඩංගුවට ගැනුනද අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීමේදී පොලීසිය යම් යම් වැරදි සිදුකරන බව නීතිඥ යූ ආර් ද සිල්වා මහතාගේ අදහසයි. මෙම ඇතැම් වැරදි පොලීසිය සිතා මතා සිදුකරන බවද ඔහු කියාසිටියා.
"සමහර නිළධාරීන් අත්අඩංගුවට ගන්නා මත්කුඩුවලින් කොටසක් ඉතුරු කර ගන්නවා. රසපරීක්ෂකට ඉදිරිපත් කරන්නේ නැහැ. තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී එම සැකකරු ළඟ මත්කුඩු නොතිබුණ හොත් මුලින් ඉතුරු කරගත් කොටසෙන් යම් ප්‍රමාණයක් ඔහු ළඟ තිබී සොයාගත් බවට වාර්තා කරනවා.
පොලිසිය විසින් තමන් වෙත එවන ලද බවට පොලිස් වාර්තාවල තිබෙන මත්කුඩු ප්‍රමාණය සහ සැබෑ ලෙසම තමන්ට ලැබුණු මත්කුඩු ප්‍රමාණය අතර වෙනසක් තිබෙන බව රසපරීක්ෂක වාර්තාවලද සඳහන්. " පොලීසිය කරන මෙම වැරදි හේතුවෙන් මත්කුඩු සැකකරුවන්ට නීතියේ ඇති සිදුරුවලින් පහසුවෙන් රිංගා යාමටද හැකි වනවා.
"අධිකරණය තීන්දු ලබා දෙන්නේ තමන් වෙත ඉදිරිපත් වෙන සාක්ෂි අනුවයි. සාක්ෂි එකකට එකක් වෙනස් නම් අධිකරණයට කරන්න දෙයක් නැහැ. සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන්න වෙනවා. ඒකට අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දොස් පවරා වැඩක් නැහැ."
Wednesday, July 8, 2015
පොලීසියේදී මත්කුඩු අඩු වෙන හැටි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment