ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා 2016 වසරේ දී ආහාර සම්බන්ධයෙන් විශේෂ අනාවරණක් ලෝකයට සිදු කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.
මානව පරිනාමයෙන් පසුව ආහාර පිසීම ආරම්භ කළේ ඇයි? එලෙස මුලින්ම පිසීමට යොදා ගත් ආහාරය කුමක් ද? පළමුවෙන්ම රස කාරකයක් ලෙස ආහාරවලට එක් කලේ කුමක් ද? මෙන්ම ඊට හේතු වූ කරුණූ පිළිබඳව තමන් ප්‍රසිද්ධ කිරීමට සූදානමින් සිටින බවයි. අදාළ කරුණු හෙළිදරව් කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කිරීම මේවන විට ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් ආරම්භ කර ඇත.
අදාළ ග්‍රන්ථය එළිදැක්වෙන මොහොතේ දී ලෝකයේ පළමුවෙන්ම යොදා ගත් රසකාරකය උපයෝගී කර ගනමින් සාදා ගත් ආහාර ද අනුභව කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීමට ආචාර්ය පබිලිස් සිල්වා මහතා අපේක්‍ෂාවෙන් සිටියි. පබිලිස් සිල්වා මහතා මේවන විට ලෝක වාර්තා දෙකකට හිමිකම් කියනු ලැබේ. එනම් ඔහු විසින් සකස් කළ ලොව විශාලතම කිරිබත සහ ලොව කුඩාම ආහාර වට්ටෝරු පොත යි.
පාසලේ හතරවැනි වසර දක්වා පමණක් අකුරු කළ පබිලිස් සිල්වා මහතා,ගල්අඟුරු අදින්නෙකු ලෙසින් ආරම්භ කරන ලද වසර 59ක් පුරා දිවෙන ගල්කිස්ස මහ හෝටලයේ ජීවිතයට තවමත් විශ්‍රාම දී නැත. ප්‍රධාන සූපවේදියා ලෙස ඉහළට නැඟුණු ඔහු මේවන විට එහි අධ්‍යක්‍ෂකවරයෙක් ලෙසින් ද ක්‍රියා කරයි.
Wednesday, July 8, 2015
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගෙන් ආහාර පිලිබඳ විශේෂ අනාවරණයක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment