අපේ රටේ පෞරාණික තාක්ෂණයේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ වරුණ මොනවට කියාපාන මෙන්ම රටට අති විශාල විදෙස් මුදල් කන්දරාවක් ගෙන එන සීගිරිය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සීගිරියට උදාවී ඇත්තේ ඉතාමත් නරක කල දසාවකි. සිගිරිය මාළිගයත් අභයභු මියත් විනාශ වෙමින් පවති. සිගිරි අප්සරාවන් සිත්තම් කර ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ගොසිනි ,විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ ච්ත්‍රයක මේ විනාශය වැඩි වශයෙන් දැකිය හැකිය. සීගිරියේ හදවත බදුවූ කැටපත් පවුර වසර ගණනාවක සිට වැහිලිහිණි වසුරු වැටි සිදුවන විනාශය තවමත් එසේමය .
විශාල ජනතාවක් දිනපතා පැමිණෙන සීගිරියේ ඉදිකිරීම් තාක්ෂනය විනාශ කරමින් ඉපැරණි ගල් බැමි මත ගමන් කිරීමට කර ඇති තහනම බෝඩ් වලට පමණක් සීමාවී ඇත ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ,පරික්ෂා කිරීම පමණක් සිදුවන අතර මෙවැනි ක්‍රියා වලකා ගන්නට දැනුවත් කරන්නට කිසිවෙක් නොමැත .සිගිරි අභය භුමිය දැව ජාවාරම්කරුවන්ගේ දඩයන් කරුවන්ගේ මෙන්ම ඉඩම් කොල්ල කරුවන්ගේ පාරාදීසයක් වී හමාරය.









No comments:
Post a Comment