නිවාස ඉදිනොකර කොළඹ නගරයේ කිසිවකු පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ නගරයේ ජනතාවට හිසට සෙවණක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරිමට සැලසුම් කර ඇති බවයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ “රටේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 12ක් විදිහට ගණන් බලලා තියෙනවා. ඉන් නිවාස ලක්ෂ 5ක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටයි. න් හරි අඩක් ඒ කියන්නේ නිවාස ලක්ෂ දෙකහමාරක හදන්න අපි මුදල් වෙන් කරලා තියෙන්නේ.
මේ වැඩේට අවුරුදු 3ක් විතර යනවා. අපි ඒ කටයුත්ත අවුරුදු එක හමාරකින් විතර හදන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ ජනතාවගේ ප්‍රශ්න වලින් 80% ක් විතර ඉවරයි. හම්බන්තොට වරාය හදන්න කෝටී 19,800ක් වියදම් වුණා. ඔය වරාය හදන්න ගිය ගාණින් 10%ක් වියදම් කළා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය සෑහෙන දුරට විසඳිලා.
එකෙන් තේරෙන්නේ මුදල් නොමැතිකම නෙමෙයි ඒවා නිසි කලමනාකරණයකින් තොරව වියදම් කිරිමේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳිමින් ඉන්නේ.“ “යහපාලන ආණ්ඩුවේ වෙනස මෙන්න මේකයි. අප වැය කරන හැම සතයක් ගැනම වගකීමක් අපට තිබෙනවා.
ඒ නිසා කොළඹ ජනාතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම අපහසු කාරණාවක් නෙවෙයි කියන එක සඳහන් කළ යුතුයි. ඒ වගේම එක පොරොන්දුවක් දෙන්න කැමැතියි. ඒ තමයි නිවාස හදන්නේ නැතුව කිසිවෙකුත් දැනට පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව වගකීමකින් යුතුව සඳහන් කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment