කොන්දේසි සහිතව මහින්දට නාමයෝජනා - ඇතැම් මන්ත්‍රීවරුන්ට නාමයෝජනා නෑ?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

කොන්දේසි සහිතව මහින්දට නාමයෝජනා - ඇතැම් මන්ත්‍රීවරුන්ට නාමයෝජනා නෑ? 

ඉදිරි මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේවන විට රැස්වී සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේවන විට නාමයෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් අනතුරුව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවත්ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය විසින් මේවන විට පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණක් බවත් ඔහුට අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය හිමි නොවන බවත්ය.

තවද දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිසයේ හිටපු මන්ත්‍රීවරුන් 20 කට පමණ නාම යෝජනා ලබා නොදෙනු ඇති බවත් ඒ අතර හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා බස්නාහිර පළාත් මන්ත්‍රිනී සමන්මලී කලසූරියගේ නම් ඇතුළත් වී ඇති බවත් වාර්තාවේ.

එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, එස් බී දිසානායක සහ මහින්ද අමරවීර මහත්වරු ඇතුළු පිරිසක් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ඛණ්ඩායමක් විසින් සැකසූ නාමයෝජනා පත්‍රයේ ඇති නම් කිහිපයක් මේවන විට රැස්වී ඇති නාමයෝජනා කමිටුවේ දී කපා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad