පිල් මාරු නෑ - සන්ධානයේ නාමයෝජනා අත්සන් කළා - ජගත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

පිල් මාරු නෑ - සන්ධානයේ නාමයෝජනා අත්සන් කළා - ජගත්

තමා කිසිසේත් එජාපයට එක් නොවන බවත් ඉදිරි මහමැතිවරණයේදී බුලත් කොලය යටතේ සන්ධානයෙන් තරග කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසුවේය.

තමන් 1994 සිට ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සමඟ කටයුතු කරන බවත් ඉදිරියටත් ශ්‍රීලනිපය සමග කටයුතු කරන බවත් මැතිවරණයකින් ජය ගැනීමට නොහැකි මනාප අඩු වූ ඇතැම් පුද්ගලයින් තමා පිල් මාරුකරන බවට ප්‍රචාරය කරන බවත් ඔහු පැවසීය.

මේවන විටත් ශ්‍රීලනිපය යටතේ නාමයෝජනා සඳහා අත්සන් කර ඇති බවත් මේ සති අන්තයේ සිට දිස්ත්‍රික්කය පුරා මැතිවරණ කටයුතු මෙහෙයවන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.කෙසේවෙතත් මේදිනවල නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එජාපයට එක්වන බවට විවිධ ප්‍රචාර පවතින අතර විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ මෙම ප්‍රචාර බහුල වී ඇති බවත් වාර්තාවේ.

පුෂ්පකුමාර මහතා පවසන්නේ මෙවැනි ප්‍රචාර සිදු කරන්නේ සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වී මනාප ලබා ගැනීමට නොහැකි පුද්ගලයින් බවත් එම ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්ය.

Source : Asianmirror

No comments:

Post a Comment

Post Bottom Ad