පාර්ලිමේන්තු මැතිවරණයට සියයට 30ක කාන්තා නියෝජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

පාර්ලිමේන්තු මැතිවරණයට සියයට 30ක කාන්තා නියෝජනයක්

ඉදිරි මහ මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණය සඳහා ඉදිරිපත් කරන නාමයෝජනා සියයට 30ක් අවම වශයෙන් කාන්තා නියෝජනයක් දැක්විය යුතු බවට කාන්තා කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. 

කාන්තාවන් සඳහා ජාතික ලැයිස්තුවෙන් ආසන තුනෙන් එකක් වෙන් කිරීමට අමාත්‍යාංශය සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව  නිවේදනයක් නිකුත් කරමින් කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරයි. 

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කාන්තා නියෝජනය සියයට 5.8ක් වූ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි මැතිවරණයේදී සියලුම දේශපාලන පක්ෂවල මුළු අපේක්ෂකයන්ගෙන් සියයට 30ක කාන්තා නියෝජනයක් නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. 

පැවති කාන්තා නියෝජනය වන සියයට 5.8ක් දකුණු ආසියාතික රටක් ලෙස ඉතා අවම ප්‍රතිශතයක් බවත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳව රටවල් 153කින් ශ්‍රී ලංකාවේ ස්ථානය 140 බවත් මෙම නිවේදනය මඟින් අවධාරණය කර ඇත. 

ඒ අනුව, පාර්ලිමේන්තුව තුළ පමණක් නොව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ ද සියයට 30ක සහභාගීත්වයක් කාන්තාවන් සඳහා වෙන් විය යුතුයි.‘ යැයි එම නිවේදනයේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad